අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ජාවාරම් කිරීමේ අරමුණින් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.
ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු පවසයි.