Home Local News Room : අද කෑවොත් ලංකාවේ ක්‍රිකට් ඉතිහාසගත වෙයි!

News Room : අද කෑවොත් ලංකාවේ ක්‍රිකට් ඉතිහාසගත වෙයි!

4
0

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක දෙවන එක්දින ක්‍රිකට් තරගය අද(27) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

තරගය මෙරට වේලාවෙන් පස්වරු  2.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දෙරට අතර පැවති පළමු තරගය, ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ ය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්ථානය මේ වනවිට ඉදිරියෙන් සිටී. 

තරගාවලියේ පරාජයෙන් බේරිම සඳහා ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වේ.

යම් හෙයකින් අද තරගය ඇෆ්ගනිස්ථානය ජය ගතහොත්, ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් වරම්වත් නොලද ඇෆ්ගනිස්ථානය ඉදිරියේ එක්දින තරගාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here