දැන් රට තුළ සියල්ල සිදුවෙමින් පවතින්නේ ඔක්කොම කන පිටට බවත් රටේ ජනතාව එකට එක්වෙනවාට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇත්තේ පුදුමාකාර බියක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,අවසරයකින් තොරව පාරෙ යන්නට එපා යැයි ජනාධිපතිවරයාට කියන්නට ඇති බලය කුමක්දැයි විමසා සිටියේය.
ඔහු යම් හෙයකින් එහෙම අභියෝග කරන්නේ නම් දස ලක්ෂ ගණනින් ජනතාව සමඟ පාරට බැසීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඒ මහතා පැවසීය.
තමන් කිසිවිටෙක තර්ජන ගර්ජන වලට හෝ තහංචි වලට බය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තහංචිවලින් තමන්ව මැඩ පැවැත්විය නොහැකි බවද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද(26) මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
අද වන විට රටේ සමස්ථ ක්ශේත්‍රයන් බිඳ වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි තත්ත්වයකට රට පත් කළ පිරිස් අද නැවත අළු පිසදමා නැගිටීමට කටයුතු කරන බවද පැවසීය.