ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව 2019 වර්ෂයේදී කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් පාඩු ලබා ඇතැයි සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවේ අතුළත් විගණන වාර්තාවේ සඳහන්වේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් සංස්ථාව වියදම් දරා ඇත. ඉන් රුපියල් කෝටියකට වැඩි මුදලක් වියදම් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා නව බෝට්ටුවක් යොදා ගැනීමට බවද එම වාර්තාවේ සඳහන් වේ.
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සංස්ථාව මෙම බෝට්ටු සේවාව ආරම්භ කර තිබූ බවත් මෙහි සඳහන් වේ.