Home Local News Room : කළුවරේ ළමයි ප්‍රසූත කරන්න වෙයිද? බිල ගෙවලා නෑ කියලා...

News Room : කළුවරේ ළමයි ප්‍රසූත කරන්න වෙයිද? බිල ගෙවලා නෑ කියලා කාසල් රෝහලේ ලයිට් කපන්න සියල්ල ලෑස්තියි! එකපාරකුත් කොටසක කැපුවා!

7
0

කාසල් වීදීයේ කාන්තා රෝහලේ ලක්ෂ 170ක් වන විදුලි බිල වහාම නොගෙවන්නේ නම් නොදන්වා විදුලිය විසන්ධි කරන බවට දැනුම් දී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය අගෝස්තු මාසයේ සිට විදුලි බිල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මාස කීපයක විදුලි බිල එකතු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංයේ සේවක වැටුප් ගෙවීමෙන් අනතුරුව විදුලි බිල සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයිද, සේවකයන්ගේ වැටුප් ඊයේ (25) දිනයේදී ගෙවා ඇති බැවින් ලබන සතිය තුළ විදුලි බිලට මුදල් ලැබීමට නියමිත යැයි එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ නමුත් ලබන සතිය තුළ විදුලි බිල ගෙවීමට නොහැකි වුවහොත් කාසල් වීදියේ කාන්තා රෝහලේ විදුලිය කුමන මොහොතක හෝ විසන්ධි වනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

lankasara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here