Home Local News Room : ‘සිවුරු ඇඳගත් බට්ටො! පැවිද්දන්ට පැවිද්දෙ වැඩ කටයුතු කරන්න කියන්න’!...

News Room : ‘සිවුරු ඇඳගත් බට්ටො! පැවිද්දන්ට පැවිද්දෙ වැඩ කටයුතු කරන්න කියන්න’! මහා සංඝරත්නයට බැනලා රනිල් ඊයේ පාර්ලිමේන්තුවේ කරපු කතාවට මහාචාර්ය අගලකඩ හිමියෝ අද උත්තර දෙයි! ඉතිහාසයේ කිසිම නායකයෙක් මේ විදිහට මහා සංඝරත්නයට පරිභව කරලා නෑ! මහ නැහැදිච්ච මිනිහෙක්! (VIDEO)

7
0

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති.

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා අදටත් මේ රට රැකී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

රට ආරක්ෂා වී රනිල් වික්‍රමසිංහ මහතාට ඔය පුටුවේ වාඩි වෙන්නට හැකියාව ලැබුණේද පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා බවද උන්වහන්සේ පැවසූහ.

භික්ෂූන් වහන්සේලාට සිවුරු පොරවාගත් බට්ටන් ඇයි ඇමතීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා නැහැදිච්ච මිනිහෙක් වී ඇතැයි ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මෙම ප්‍රකාශය මෙරට තිස් හතළිස් දහසක් වන භික්ෂූන් වහන්සේලාට කරන ලද බරපතල අපහාසයක් බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් සිරිසුමන හිමියන් මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here