Home Local News Room : සංස්කෘතික අරමුදලේ වංචා සිදුවුණා කියලා දිගට හරහට සජිත්ට ගහපු...

News Room : සංස්කෘතික අරමුදලේ වංචා සිදුවුණා කියලා දිගට හරහට සජිත්ට ගහපු මඩ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී බොරුවක් බව තහවුරු වෙයි! කිසිම නඩුවක් දාන්න නිමිත්තක් නොමැති බවට අල්ලස් කොමිසම එවපු ලියුමක් මෙතෙක් කල් එළියට දැම්මේ නැත්තේ ඇයි? සජිත් ඇමැතිකම දැරූ මාස 11 ගැන විතරක් ප්‍රශ්න කරන්න ගිහින් කට්ටිය අමාරුවේ වැටුණාද? කෝප් සභාපති රංජිත් බණ්ඩාර පක්ෂග්‍රාහී ලෙස හැසිරෙන්න ගියාද? මෙන්න කෝප් කමිටුවේ වීඩියෝ එළිය එයි! හොඳට බලන්න! (VIDEO)

7
0

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලසීමාවේදී සංස්කෘතික අරමුදලේ වංචා දූෂණ සිදුව ඇති බවට පසුගිය කාල සීමාවේ විවිධ චෝදනා එල්ල වී තිබිණ.

විශේෂයෙන් ‌ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුවත්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණත් පසුගිය කාලයේදී දිගින් දිගටම චෝදනා එල්ල කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා මෙම වංචා දූෂණයන්ට වගකිව යුතු යැයි කියාය.

අවස්ථා ගණනාවකදීම ඔවුන් මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර චෝදනා එල්ල කර තිබිණ.

කෙසේවෙතත් අද පැවැති කෝප් කමිටු රැස්වීමේදී සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුවිය.

එහිදී තහවුරු වූයේ එවැනි කිසිදු දූෂණයකට සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ නැති බවය.

විශේෂයෙන් අල්ලස් කොමිසම මගින් යොමු කර තිබුණු ලිපියක් මගින් කියවුණේ නඩු නිමිත්තක් සහිත කිසිවක් සංස්කෘතික අරමුදල තුළ සිදුව නැති බවකි.

නමුත් මෙහිදී දැකගැනීමට හැකිවූ විශේෂම සිදුවීම වූයේ කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මහතා විපක්ෂනායකවරයාට චෝදනා එල්ල වන ආකාරයට කටයුතු කිරීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here