Home Local News Room : රනිල්ගේ චෞර කල්ලියට බදු කං හැන්දෙන් – පොදුජන පවුලක...

News Room : රනිල්ගේ චෞර කල්ලියට බදු කං හැන්දෙන් – පොදුජන පවුලක දිනක බද්ද රුපියල් 1444යි – Lanka Truth | සිංහල

6
0

රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල 2023 වසර සඳහා අයවැය අනුව ඇස්තමේන්තු කර ඇති මුලු බදු ආදායම රුපියල් කෝටි 3 20 368ක් වන අතර එයින් පොදු ජනතාව මත පැටවෙන වක්‍ර බදු ප්‍රමාණය රුපියල් කෝටි 2 89 868ක් වී ඇත.

මුළු බදු ආදායමේ ප්‍රතිශතයකත් ලෙස වක්‍රබදු ප්‍රමාණය 90.48%ක් වී ති‌බේ.
මේ අනුවම එක් පුද්ගලයෙකු මත ලබන වසරේදී රුපියල් 131758 ක් වූ බදුබරක් පැටවෙන අතර දිනකට රුපියල් 361ක් වී තිබේ. සාමාන්‍ය පවුලක සාමාජිකයින් සිව් දෙනෙකු සිටින අතර ඒ අනුව එම පවුලක් වෙනුවෙන් දිනක බදුබර රුපියල් 1447ක් වී තිබේ.

ලබන වසරේ දී මේ රටේ ඉහළම ආදායම් ලබන පිරිසගෙන් සෘජු බදු ලෙස ඉතා කුඩා ප්‍රමාණයක් ලබා ගන්නා අතර ආර්තිකය කඩාවැටීම හමුවේ දැඩි පීඩනයකට ලක්වී සිටින පොදු ජනතාව මත දරාගත නොහැකි බදුබරක් පටවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here