රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති පාර්ලිමේන්තු කලාපයට රිංගා ගනිමින් දිගින් දිගටම මර්ධනීය ප්‍රකාහ සිදුකරණ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාවට පවා තර්ජනය කිරීම තරයේ හෙලාදකින බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.
එම නිතීඥ සංවිධානය අද(25) පස්වරුවේ බත්තරමුල්ලේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කරණූ ලැබීය. එම අවස්ථාවේ නීතිඥ සුනිල් වටගල ,නීතිඥ හර්ෂණ නානායක්කාර ,නීතිඥ ජානක අධිකාරී සහ, නීතිඥ අනුරාධ කඳන්හේන දැක්වූ අදහස් පහත පලකෙරේ.
රනිල් වික්‍රමසිංහ 24වෙනිදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය තුළ රටේ ජනතාව මාර්ගයේ ගමන් කිරීමට බලපත්‍රයක් ලබාගත යුතු බවට බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. පොලිස් ආඥා පනතේ 74වන වගන්තිය අනුව උද්ඝෝෂණයක් කිරීමේදී ළඟම තිබෙන පොලිස් ස්ථානයට දැන්විය යුතු බව සඳහන් වෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු දෙකකදී දැනුම්දීම සම්බන්ධයෙන් අර්ථ නිරූපණය කර තිබෙනවා. විවියන් ගුණවර්ධනට එරෙහිව නීතිපති සහ ජන ඝෝෂා නඩුවේදී දැනුම් දීම අර්ථ නිරූපණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳව පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ ලිඛිතව හෝ වාචිකව ළඟම පොලිස් ස්ථානයට දැනුම්දීමයි. නමුත් රනිල් වික්‍රමසිංහ පාරේ යන්න බලපත්‍රයක් ගත යුතු බවට බරපතළ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කර තිබෙනවා. වැලිගොඩ දැමීම, මත්පැන් විකිණීම, බලපත්‍රයක් ලබාගත යුතු අවස්ථා. බලපත්‍රයක් නැතිනම් එවැනි ක්‍රියා නීති විරෝධියි. ප්රජාතන්ත්රවාදී අර්ථයෙන් සාමකාමී විරෝධයක් සම්බන්ධයෙන් දැනුම්දීම ප්‍රමාණවත් බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවලදී අර්ථනිරූපණය කර තිබෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරුකර තිබෙන භාෂණයේ හා ප්රකාශනයේ නිදහස 14වන ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන අතර, 15වන ව්‍යවස්ථාවෙන් ඊට අදාළ සීමා කිරීමේදී පාර්ලිමේන්තු පනත තුළින් සිදුකළ යුතු බව 15 (07) වගන්තියෙන් දක්වා තිබෙනවා. මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් එවැනි පනතක් සම්මත කරගෙන නැති බව රනිල් වික්‍රමසිංහ දැනගන්න ඕනෑ. පොලිස් නිලධාරීන් කටයුතු කළ යුත්තේ දැනට පවතින නීතිය යටතේයි. ස්වාධීන කොමිෂන් සභාවක් වන මානව හිමිකම් කොමිෂන් සභාවට රනිල් වික්‍රමසිංහ තර්ජනාත්මකව ප්‍රකාශයක් කර තිබෙනවා. “හැමදේකටම අත දාන්න එපා.” යනුවෙන් කර තිබෙන එම තර්ජනය අපි හෙළා දකිනවා. ඒ කොමිෂමේ මූලික අයිතිවාසිකම් රකින්න ඉන්න සාමාජිකයන්ට රටේ ජනාධිපති පාර්ලිමේන්තුවට ගිහින් තර්ජනය කරනවා. මේක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වගේම අනිකුත් නීතිය හා විධානය රැකීමට තිබෙන ආයතනවලටත් සිදුකළ තර්ජනයක්. දැන් තිබෙන නීතිය යටතේ ජනාධිපති මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක පාර්ශ්වකාරයෙකු කළ හැකියි. නීතිපති වගඋත්තරකරුවෙකු ලෙසත් ජනාධිපති පාර්ශ්වකරුවෙකු ලෙසත් නම් කළ හැකියි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ මේ ප්‍රකාශයේ හැන්සාඞ් වාර්තාව මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදි අපි මින් ඉදිරියට අමුණනවා. රනිල් වික්‍රමසිංහගේ චේතනාව නීතියට පිටින් මූලික අයිතිවාසිකම් මර්දනය කරන්න නම්, හැන්සාඞ් වාර්තාව අමුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා.
රනිල් වික්‍රමසිංහ හිට්ලර්, ඩින් ඩියම් වගේ බව එයාම ප්‍රකාශකර ගන්නවා. හිට්ලර්ට වුණේ රතු හමුදාවෙන් වටකරන කොට එයාගෙම පිස්තෝලෙන් වෙඩි තබාගෙන මැරෙන්න. ඩින් ඩියම්ට වුණේ කුමන්ත්රණයකින් ඝාතනය වීමටයි. ව්‍යවස්ථාවට ගරහන ජනාධිපතිවරයා මොනවා හරි කරගත්තොත් අපිට නම් වගකියන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රකාශ දෙක හරහා සිදුකරන්නේ පොලීසියට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න දෙන්න කියලයි. පානදුර සිට පාගමනින් පැමිණි කාන්තාවන්ට පොලීසිය අවහිර කිරීම සම්බන්ධ පැමිණිල්ල විශේෂයෙන් විභාග කරන්න මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. දැන් රනිල්ගේ තර්ජනය අනුව එය නැවැත්විය යුතුද? සමාජවාදී තරුණ සංගමය මානම හිමිකම් කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිලි ගැනත් සිදුකළ යුත්තේ එහෙමද? පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ සිදුකළේ. රටේ ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ දිගටම පෙනී සිටින බව අවධාරණය කරනවා.
ව්‍යවස්ථාව තියෙන්නේ පාලකයන්ට ඒ පිටුපස සැඟවෙන්න නොවෙයි…
නීතිඥ හර්ෂණ නානායක්කාර
වයෝවෘද්ධ වැඩිහිටියන් කරන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් තැකීමක් නොකළත් රටේ ජනාධිපති වයෝවෘද්ධකම නිසා හෝ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නොතකා සිටිය නොහැකියි. අරගලය කිරීම, විරෝධතා දැක්වීම, අවශ්‍ය නම් පාලකයන්ට ‘හූ’ කීම කියන්නේ අපිට තිබෙන භාෂණයේ නිදහසේ කොටසක්. මේවා රනිල් වික්‍රමසිංහ අපට ලබාදුන් ඒවා නොවෙයි, ජනතාව සටන් කර ලබාගත් ඒවා. ව්‍යවස්ථාව තියෙන්නේ රටේ පාලකයන්ට ඒ පිටුපස සැඟවීමට නොවෙයි. රනිල් වික්‍රමසිංහ ජනතාව බියවැද්දීමට කරන ප්‍රකාශවලට බියවිය යුතු නොවෙයි. අපි රනිල් වික්‍රමසිංහගේ තේ වත්තක හෝ පොල් වත්තක ඇවිදින්න යනවා නම්, ඔහුගෙන් බලපත්‍ර ලබාගත යුතුවෙයි. නමුත් අපේ රටේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න අපි ඔහු වෙත යා යුතු නැහැ. ඒ වගේම පොලීසිය අනීතිකය ක්‍රියාකරන්න බැඳී නැහැ.
රනිල් වික්‍රමසිංහ ගොඩක් පොත් කියවනවා නම්, ඉතිහාසයේ හිට්ලර්ට, ඩින්ඩියම්ට අත්වුණු ඉරණම ගැන කියවන්න කියලා අවධාරණය කරනවා. ජනතාව අරගල කරන්නේ වැඩක් නැතිවාට නොවෙයි. දරාගන්න බැරි පීඩනයන්ට පාලකයන් විසඳුම් නොදෙනවා නම්, අරගල කරන ජනතාව වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. රනිල් වික්‍රමසිංහට බලය තිබෙන්නේ ව්‍යවස්ථාවේ පිටු අතර මිස ජනතාවගෙන් නොවෙයි. අපේ ව්‍යවස්ථාවේ හත්වෙනි වගන්තිය අනුව මෙවැනි බලයක් ජනාධිපතිට දෙන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වෙන නිසයි. නමුත් රනිල් පොහොට්ටුවෙන් පත්කළ ජනාධිපති. ජනතාව සංවිධානය කරමින් අපි සාධාරණ අරගල කරනවා. ඒ වගේම ජනවරමක් නැති පාලකයන්ව එළවනවා. දූෂණයට විරුද්ධව සංවිධානය වෙමින් දූෂිත ක්‍රමය අවසන් කිරීමට අරගල කරන ලෙස සහ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සංවිධානය වන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවටික දවසකින් ශරීර කෘත්‍යයක් කරන්නත් රනිල්ගෙන් අවසර ගන්න වෙයිද?
නීතිඥ ජානක අධිකාරී
ජනාධිපති වශයෙන් ඉන්න අපේ රටේ පළමු පුරවැසියාට සාහසික, වියරු, ප්‍රකාශ සිදුකිරීමේ අයිතියක් නැහැ. ජනතාවට අයිතිවාසිකම් දෙන්නේ ජනාධිපති නෙවෙයි. ජනතාවගේ අයිතිවාසිකම් රකින්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතිනවා මිස ජනතාවට පහරදී, භීතියට පත්කර, කෙනෙකුගේ ඔළුවේ තිබෙන මනස්ගාත ක්‍රියාත්මක කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර නැහැ. පාරේ ඇවිදින්නත් රනිල් වික්‍රමසිංහගෙන් අවසර ගන්න ඕනෑ නම්, තවටික දවසකින් ශරීර කෘත්‍යයක් කරන්නත් ඔහුගෙන් අවසර ගන්න වේදැයි සැකයක් ඇති වෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් හිට්ලර් කෙනෙක් පෙන්වලා අයින් කරන්න බැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, මහජන දේපළ රකින්න, ජනතාවගේ ආදරය දිනාගන්න රනිල් වික්‍රමසිංහට බැරිවෙද්දී විධායක ජනාධිපති ක්රමයේ බලහත්කාරය යොදවා කටයුතු කළ හැකි බව ඔහු සිතනවා. ප්රජාතන්ත්රවාදය කියන්නේ පොතේ තියෙන දේටත් වඩා පුළුල් දෙයක්. ව්‍යවස්ථාවේ යම් මගපෙන්වීමේ අදහසක් විතරක් තිබෙනවා. එහෙම නොවෙනවා නම්, නෙල්සන් මැන්ඩෙලා, මාර්ටින් ලූතර් කිං, මහත්මා ගාන්ධි, ගොංගාලේගොඩ බණ්ඩා, වැරදිකරුවන් වෙනවාද? ගොංගාලේ ගොඩ බණ්ඩා මුලින්ම කළේ නුවර කච්චේරියෙන් බදු ගැසීමට විරුද්ධව උද්ඝෝෂණය කිරීමයි. අද රනිල් වික්‍රමසිංහ කරන්නෙත් ටැක්ස් ගහන එකයි. ගොංගාලේ ගොඩ බණ්ඩා එදා සුද්දාට විරුද්ධව පාරට බැස්සා වගේ ටැක්ස් ගහන රනිල් වික්‍රමසිංහට විරුද්ධවත්, ජනතාවගේ දේපළ සූරාකෑමට විරුද්ධවත්, ජනතාවගේ දේපළ විකුණා දැමීමට විරුද්ධවත් ඊට විරුද්ධව අරගල කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. නීතියේ පදනම වෙන්නේ සාධාරණත්වය සහ යුක්තියයි. එය ඉටුනොවන තැන නීතියක් නැහැ.
තර්ජනය කිරීම් අපි දකින්නේ බියගුලු සහ නිවටකම් හැටියටයි.
නීතිඥ අනුරාධ කඳන්හේන
ආර්ථික අර්බුදය හමුවේ පාරට බැස්ස ජනතාවගෙන් අරගලය ආරම්භ වුණා. කිසිම දවසක පාරට බැස උද්ඝෝෂණය නොකළ ජනතාව අරගලයට එක්වුණා. පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා රටේ ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවී ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදීමෙන් තත්වය බරපතළ වුණා. වර්තමාන ජනාධිපතිට මෙම තත්වයෙන් ජනතාව මුදා ගැනීමට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ආදර්ශයන් ලබාදිය යුතුයි. ඒ කිසිවක් නැතිව පාර්ලිමේන්තුවේදී ප්රජාතන්ත්රවාදයට, සහ මූලික අයිතිවාසිකම්වලට වගේම ව්‍යවස්ථාවට විරුද්ධව විවිද බියගුලු ප්‍රකාශ සිදුකරනවා. බියගුලු සහ නිවට පුද්ගලයෙකුගේ අවසාන මොහොතේ හැසිරීම මිස වෙනස් ස්වරූපයක් අපි මෙයින් දකින්නේ නැහැ. මේ නිසා ජාතික ජනබලවේගයේ නීතිඥයෝ හැටියට අපි ජනතාවගේ අයිතිවාසිකම වෙනුවෙන් අරගල කරන සාමකාමී, ප්රජාතන්ත්රවාදී, ජනතාව වෙනුවෙන් අපි දිගටම පෙනී සිටිනවා.