Home Local News Room : ඩොලර් බිලියන 40ක් රටින් පන්නලා – Lanka Truth |...

News Room : ඩොලර් බිලියන 40ක් රටින් පන්නලා – Lanka Truth | සිංහල

3
0

වසර කිහිපයක් පුරා මෙරටට ලැබිය යුතු අපනයන ආදායම් ඩොලර් බිලියන 40ක පමණ මුදලක් කුමන්ත්‍රණකාරී ලෙස රටට අහිමි කර ඇති බව ග්ලෝබල් ඉකොනොමි සඟරාවේ සඳහන් කර ඇත.

මෙම මුදල රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන රාජ්‍ය ආයතන රැසක් විකුණා ලබා ගැනීමට අපේක්ෂිත මුදල මෙන් දස ගුණයක වටිනාකමකි. ඩොලර් බිලියන 40ක එම මූල්‍ය අපරාධය සිදු කර ඇත්තේ භාණ්ඩ අපනයනය කිරීමේදී අදාළ නියමිත මිල ගණන්වලට වඩා ඉතා අවම මිලක් (under value) සඳහන් කිරීමෙනි.

ජාත්‍යන්තර පර්යේෂකයන් විසින් අදාළ තොරතුරු සොයා ගෙන ඇති අතර මෙරට අපනයන කර්මාන්තවල නියුතු ව්‍යාපාරිකයන් නීතියෙන් රිංගා යමින් මෙය සිදුකර තිබේ.

වර්තමාන මහබැංකු අධිපතිවරයා ද පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී මෙම මූල්‍ය අපරාධය පිළිබඳව අවම තොරතුරු ප්‍රමාණයක් හෙළිකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here