Ford Motor සමාගම විසින් නිපදවා වෙළඳපොලට නිකුත් කරණලද ක්‍රීඩා උපයෝගිතා වාහන (SUV) 634,000 ක් නැවත කැඳවීමට එම සමාගම විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙයට හේතුව ලෙස ෆෝඩ් සමාගම සඳහන් කරන්නේ ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම වාහන ගිනිගැනීමේ අවදානමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් 2020-2023 වර්ශයන්හි දී නිකුත් කල සිලින්ඩර තුනක, ලීටර් 1.5 එන්ජින් සහිත Escape SUV සහ Bronco Sport මාදිලියන්හි මෝටර් රථ මෙසේ නැවත කැඳවීමට තීරණය කර තිබෙන අතර ඉන්ධන ඉන්ජෙක්ටර් වලින් ඇති විය හැකි ගිනි අවදානම හේතුවෙන් මෝටර් රථ පරීක්ෂා කරන ලෙස මෝටර් රථ අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.






