Home Local News Room : ක්‍රිකට් අර්බූදය දරුණු වෙයි! ඉතිහාසයෙ පළමු වරට ක්‍රීඩා ඇමැතිගේ...

News Room : ක්‍රිකට් අර්බූදය දරුණු වෙයි! ඉතිහාසයෙ පළමු වරට ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය නැතිව කණ්ඩායම ප්‍රසිද්ධ කරයි! ක්‍රිකට් ආයතනය දැඩි තීන්දුවක් ගනී!

2
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් සංචිතයක් ඊයේ (24) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට ඇති බව වාර්තා වේ..

ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (25) පල්ළෙකැලේදී ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබියදී සංචිතය ක්‍රිකට් ආයතනය එසේ ප්‍රසිද්ධ කළේය.

මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියට මීට දින කීපයකට පෙර යොමු කළ ද අනුමැතිය නොදීම හේතුවෙන් මෙසේ ප්‍රසිද්ධ කළ බවත් එසේ නොවුණ හොත් විදේශ කණ්ඩායමක් තරග සංචාරයක් සඳහා රටට පැමිණ සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැති යැයි හරවා යැවීමට සිදුවුවහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට හානියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here