Home Local News Room : 4 පාරක් ලෝක ශූරයන් වූ ජර්මනියටත් ආර්ජන්ටිනාවට වෙච්ච දේම...

News Room : 4 පාරක් ලෝක ශූරයන් වූ ජර්මනියටත් ආර්ජන්ටිනාවට වෙච්ච දේම වෙයි! ජපානය පෙරළිකාර ජයක් ලබයි!

3
0

ප්‍රබල ජර්මන් කණ්ඩායම පරදවා ගෝල 2ට 1ක් ලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු තරගය ජයගැනීමට ජපානය සමත්ව තිබේ.

සිව්වරක් ලෝක කුසලානය හිමිකරගෙන ඇති ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට 1ට 0ක් ලෙස ඉදිරියේ සිටියේය.

එහිදී තරගයේ 33 වන මිනිත්තුවේදී İlkay Gündoğan දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් එම ගෝලය ජර්මානු කණ්ඩායමට හිමිවිය.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ 75 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Ritsu Doan ජපානය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට සමත්විය.

අනතුරුව තරගයේ 83 වන මිනිත්තුවේදී ප්‍රබල ජර්මන් කණ්ඩායමට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ජපාන ක්‍රීඩකTakuma Asano සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here