අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ඔහු විසින් ඔහුවම විකා ගැනීමේ ආරම්භයක් බව දේශපාලන විශ්ලේශකයන් සමාජ මාධ්‍ය තුළ සටහන් තබමින් විග්‍රහ කර ඇත.
ඔහු කළ ප්‍රකාශය ආණ්ඩුවේ දිනමිණ පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් දක්වා තිබුණේ “ආණ්ඩු පෙරලන්න තවත් අරගල බෑ -අරගලයක් ආවොත් හමුදාව හදිසි නීතිය දානවා – ජනපතිගෙන් මැති සභයේදී විශේෂ ප්‍රකාශයක්” යනුවෙනි.
මෙම බොල් ප්‍රකාශය පිළිබඳව විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙන්නේ පසුගිය මැයි 09 වෙනිදා දක්වා සාමකාමීව පැවති ගෝල්ෆේස් විරෝධතාවයට මැරයන් යොදවා රාජපක්ෂලා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එයට ප්‍රති ප්‍රහාර ලෙස මහජනයා කුපිත වූ බවය. ඒ අනුව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ බව ය.
රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ අගමැති විසින් මැයි 14 වෙනි දින ගෝල්ෆේස් අරගලකරුවන්ට පහසුකම් සැපයීම සඳහා රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රෝසි සේනානායක ඇතුළු කණ්ඩායමක් පත් කරනු ලැබීය. ඒ අනුව මැයි 09 දක්වා රනිල් වික්‍රමසිංහගේ ගෝල බාලයන් පිරිසක් ඍජුවම අරගලයට සහභාගී වී සිටි අතර මැයි 14 වෙනි දින සිට එයට පහසුකම්ද සැපයූ බවය. එසේ කළ රනිල් වික්‍රමසිංහ දැන් කරන ප්‍රකාශ ඔහු විසින් ඔහුවම විකා ගැනීමක් ලෙස හඳුන්වා දි තිබේ.