Home Local News Room : මුලින් එනවා කියලා කිව්වත් ‌තාත්තගේ ගුණ සමරුවට ගෝඨා ආවේ...

News Room : මුලින් එනවා කියලා කිව්වත් ‌තාත්තගේ ගුණ සමරුවට ගෝඨා ආවේ නැත්තේ ඇයි?

1
0

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය අද (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නොසිටීම විශේෂ සිදුවීමක් විය.

මේ සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂ කාර්යාලයෙන් මාධ්‍ය වෙත කර තිබූ දැනුම් දීමෙහි සදහන් කොට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊට සහභාගී වන බවකි.

කෙසේවෙතත් රාජපක්ෂ පවුලේ සෙසු සහෝදරයන් වන චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඊට එක්ව සිටියහ.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here