Home Local News Room : ‘නොමුරා’ රුපියල මස්තබාල්දුම කරලා දායි! රටවල් 7ක් ගැන අනතුරු...

News Room : ‘නොමුරා’ රුපියල මස්තබාල්දුම කරලා දායි! රටවල් 7ක් ගැන අනතුරු අඟවයි!

2
0

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත.

නොමුරා මූල්‍ය සමාගමං යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ. 

ඊජිප්තුව, රුමේනියාව, ශ්‍රී ලංකාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව එම මුදල් ඒකක හත අයිති රටවල් වන අතර නොමුරා මූල්‍ය සමගම අනතුරු අඟවා ඇත්තේ මෙම රටවල මුදල් ඒකක අර්බුදයක් හට ගැනීමේ ඉහළ අවදානමක් තිබෙන බවයි.

නොමුරා මූල්‍ය සමාගම,රටක මුදල් ඒකක අර්බුදයක් ඇති විය හැකි දැයි තීරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකෘතිය සකස් කිරීම සඳහා රටක විදේශ විනිමය, විදේශ සංචිත, පොලී අනුපාත ඇතුළුව කරුණු 8 සැලකිල්ලට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here