Home Local News Room : ඉතිහාසයේ පළමු වතාවට ඩී.ඒ. රාජපක්ෂ ගුණසමරුවට රනිල් වික්‍රමසිංහත් එක්වෙයි!

News Room : ඉතිහාසයේ පළමු වතාවට ඩී.ඒ. රාජපක්ෂ ගුණසමරුවට රනිල් වික්‍රමසිංහත් එක්වෙයි!

2
0

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.

මෙම සමරු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.  

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු උත්සවයේ අසුන් ගෙන සිටියහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ද මෙහි වෙති. -ලංකාදීප අනුග්‍රහයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here