Home Local News Room : PTA එක යටතේ දවස් 89ක් හිරකරගෙන සිටි සිරිධම්ම හිමියන්ට...

News Room : PTA එක යටතේ දවස් 89ක් හිරකරගෙන සිටි සිරිධම්ම හිමියන්ට අද ඇප ලැබුණා!

3
0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැවින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැර තිබේ. 

උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා ගැනී‌මෙන් පසුවයි. 

එහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කරන බව දන්වා සිටියේය.

ඒ අනුව සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

එම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකාර සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පැනවූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකී යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවත් නියෝගයේ සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here