Home Local News Room : මිනිස්සුන්ට වේල් තුන කන්න නෑ! ළමයින්ට ඉගෙන ගන්න පොත්...

News Room : මිනිස්සුන්ට වේල් තුන කන්න නෑ! ළමයින්ට ඉගෙන ගන්න පොත් නෑ! ඉස්පිරිතාලවල බෙහෙත් නෑ! එහෙම තියෙද්දී ගෝඨාගේ වියත්මගේ සීතාට සුපිරි V8 ජිප් එකක් දෙන්න අමාත්‍යංශය තීන්දු කරයි! සීතාව සුද්දත් කරයි!

6
0

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී පුවත්පතක පළ වී තිබෙන ප්‍රවෘත්තියක් නිවැරදි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සීතා අරඹේපොළ මහත්මිය, තමන්ට වී.එයිට් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුනද ඈ විසින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර නැති බව අමාත්‍යංශය කියයි.

ඒ නමුත්, දැනට අමාත්‍යංශය සතුව පවතින වී එයිට් රථයක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියට ලබා දීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබෙන එම නිවේදනයේ සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here