Home Local News Room : මාස ගාණක ලයිට් බිල ගෙවලා නෑ! ගෙදර ලයිට් කපන්න...

News Room : මාස ගාණක ලයිට් බිල ගෙවලා නෑ! ගෙදර ලයිට් කපන්න ආ විදුලිබල මණ්ඩලේ අයව නවීන් බැනලා එළවලා! කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්! බලමු පොලිසිය මොකද කරන්නෙ කියලා!

1
0

විදුලි බිල් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට කොළඹ 07 මැකැති පාරේ පිහිටි නිවසකට අද උදෑසන ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට එම නිවසේ පදිංචිව සිටින හිටපු අමාත්‍යවරයෙක් වන නවීන් දිසානායක මහතා ඇතුළු දෙදෙනෙක් විසින් බැන වැදී ගේට්ටුවෙන් එළියට තල්ලුකර ඇතැයි කුරුදුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

කොළඹ දකුණ විදුලිබල කාර්යාලයේ කනිෂ්ඨ කාර්මික සහයකයෙකු ලෙස සේවය කරනු ලබන හික්කඩුවගේ ගයාන් කනිෂ්ක යන අය විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.

වසන්තා ජයසූරිය යන අයට අයත් නිවසෙහි විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසංධි කිරීම සදහා ගිය මොහොතේ එම නිවසෙහි දැනට පදිංචිව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ඇතුළු දෙදෙනෙකු විසින් තමාට හා තමා සමග එම නිවස වෙත ගිය රියදුරු චන්ද්‍රතිලක යන අයට බැනවැදී නිවසේ ගේට්ටුවෙන් එලියට තල්ලු කර දැමූ බව එම පැමිණිල්ලෙහි දැක්වේ.

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය විසින් මෙම පැමිණිල්ල සටහන්කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here