මහින්ද රාජපක්ෂ මෙයට පෙර ප්‍රකාශ කර තිබූ පරිදි 13+ ලබා දෙමින් බලය බෙදීමට එකඟ බව ප්‍රකාශ කරන අතර ඔහු නියෝජනය කරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද එයට එකඟ බව රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය විවාදය කාරක සභා අවස්ථාවේදී පැන නැගුණු විවාදයකදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂගෙන් 13+ දීමට එකඟ දැයි ඍජුව ප්‍රශ්න කළේය. එම අවස්ථාවේ සභාවේ නැගී සිට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ එකඟ බව ප්‍රකාශ කළේය.
මේ අනුව 2023 අයවැයේ රාජ්‍ය සම්පත් විකිණීම සහ ජනතාව මත අධික බදුබර පැටවීම යන මාතෘකා නොසලකා හරිමින් බලය බෙදීම පිළිබඳ විවාදය ඉදිරියට ගෙන තිබේ.






