අද පැවැති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය බෙදීම සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ජා කිරීමට සූදානම් බව පාර්ලමේන්තුවට දැනුම් දී සිටියේය.
එහිදී ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයන්ගේ නම්වලින් ආමන්ත්‍රණය කරමින් බලය බෙදීමට පක්ෂදැයි විමසා සිටීමට පියවර ගත්තේය.
එහිදී සුලු පක්ෂ නියෝජිතයන් ඊට කැමැත්ත ප්‍රකාශ කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද බලය බෙදීමට සියලු දෙනා එකග බව සදහන් කර සිටියේය.
කෙසේවෙතත් මෙහිදී කිරිඇල්ල මහතා පොහොට්ටුවේ ප්‍රධානීන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් බලය බෙදීමට එකගදැයි නමින්ම විමසා සිටීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාත්, දිනේෂ් ගුණවර්ධන මහතාත් නිහඩව සිටිද්දී කිරිඇල්ල මහතා කියා සිටියේ මොවුන් කිසි දිනෙක බලය බෙදා හැරීමට කැමැත්ත නොදැක්වූ කණ්ඩායමක් බවකි.
මෙහිදී ගෙවිදු කුමාරතුංග මහතාද වාදයට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ බලය බෙදීමට සූදානම් වන්නේ ඒකීය රාජ්‍ය සංකල්පයේ සිටද, එසේත් නැතිනම් වෙනත් ආකාරයකටද යන්නය.
ඊට ජනාධිපතිවරයා ඍජු පිළිතුරක් නොදුන් අතර ගෙවිදු කුමාරතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රණවිරුවන් ජීවිත පුදා රට රැකගත්තේ ඒකීය නොවන රටක් වෙනුවෙන් නොවන බවත්, ඊට රටේ ජනතාවද එකග නැති බවත්ය.