Home Local News Room : තව සති දෙකයි! මහබැංකු අධිපති රහස් හෙළිකරන්න සූදානම් වෙයි!

News Room : තව සති දෙකයි! මහබැංකු අධිපති රහස් හෙළිකරන්න සූදානම් වෙයි!

9
0

අපනයන හරහා උපයන ඩොලර් මෙරටට ගෙනැවිත් රුපියල් බවට මාරු නොකරන ව්‍යාපාරිකයන් පිළිබද තොරතුරු ඔවුන් උපයා ඇති ආදායම ද සමගින් රටට හෙළි කිරීමට පියවර ගන්නා බව මහබැංකු අධිපති ආචාර්න නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුත්ත අරඹන බවයි මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ.

ඊයේ දිනයේ පැවති අපනයන කරුවන්ගේ හමුවකට සහභාගී වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව පවසා තිබුණි.

ශ්‍රී ලංකා මහබැංකුවේ රෙගුලාසීන්ට අනුව අපනයන කරුවන් උපයන ඩොලර් ආදායම දින 180 ක් ඇතුළත රටට ගෙනා යුතු අතර එම මුදල් රුපියල් බවට පරිවර්තනය කළ යුතුය.

ලංකාවේ ඉහළම අපනයන කරුවන් සිය දෙනාගෙන් ඉහත රෙගුලාසීන්ට අනුව කටයුතු කරන්නේ අපනයනකරුවන් 27 දෙනෙකු පමණ පිරිසක් බව මහබැංකු අධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here