පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුරදී විනය නීති කඩකිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වූ මෙම ලෝක කුසලානය අතරතුරදී චාමික සිදුකලේයැයි ඔහුට එල්ල වූ සියළුම චෝදනාවලට චාමික වරද පිළිගෙන ඇත.
කෙසෙ වෙතත් චාමිකට ලබාදුන් වසරක තරඟ තහනම වසරක අත්හිටවූ දඩුවමක් බවට පත්කර ඇති අතර ඇමරිකානු ඩොලර් පන්දහසක දඩමුදලක්ද ඔහුට පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් දහඅට ලක්ෂ විසිදහසකි (රු. 1,820,000)