Home Local News Room : ගෝඨාගේ ආණ්ඩුව ආපු ගමන් රටට කරපු මහා විනාශය ගණන්...

News Room : ගෝඨාගේ ආණ්ඩුව ආපු ගමන් රටට කරපු මහා විනාශය ගණන් හිලව් එක්කම එළියට එයි! කාබාසිනියා කරපු මුදල රුපියල් බිලියන 10.6ක්! මුලු රටක්ම ජපානය එක්ක තරහත් කළා! දැන් මේවට වන්දි ගෙවන්නේ කව්ද?

2
0

රජයේ ප්‍රතිපත්තිමය තිරණයක් මත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නවතා දැමිම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඒ වනවිට වැයකොට තිබු රුපියල් මිලියන 10,677ක මුදලක් අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ජපන් – ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමග එළඹ තිබු ණය ගිවිසුමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි. මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් ජයිකා (JICA )සහ OCGJV යන ආයතනවලට වන්දි ගෙවීම සම්බන්ධව 2022 ජුනි මස 28 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි.

එකල පැවති මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබූ අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 4381කි. ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදල රුපියල් මිලියන 4,886කි.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඉක්මවා රුපියල් මිලියන 6,296ක මුදලක් වැයකොට තිබූ බවද විගණනය මගින් අනාවරණ කොට තිබුණි.

මෙම ව්‍යාපෘතියේ ණය කාල සීමාව වසර 12ක සහන කාලයක්ද ඇතුළත්ව වසර 40ක් වූ අතර, කොටස් දෙකකින් ණය ගෙවීමට ණය ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය එකඟවී තිබුණි. මාස හයකට වරක් පොලී වටිනාකමද අදාළ ණය මුදලට එකතුකර තිබූ බවද විගණනය මගින් අනාවරණ කොට ඇත.

මෙම ව්‍යාපෘතියේ උපදේශන ගාස්තු ලෙස රුපියල් හාරසිය අනූහතර කෝටි එක්ලක්ෂ හැත්තෑහතර දහස් තුන්සිය විසිඑකක මුදලක් (4,940,174,321) වැයකොට තිබුණි.

සේවක පඩිනඩි වශයෙන් වැයකොට ඇති මුදල් රුපියල් දහනව කෝටි, හැටහත්ලක්ෂ, තුන්දහස් දෙසිය අනුඑකකි. (196,703,291)

මෙකී ව්‍යාපෘතිය නතර කිරීමට 2022 අගෝස්තු මස 15 වැනිදින රජය තීන්දු කොට තිබුණි. මෙරට සැහැල්ලු දුම්රිය මාර්ග සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ පළමු පියවර ලෙස මාලබේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබුණි.

ව්‍යාපෘතිය 2019 වර්ෂයේ ආරම්භ කොට 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here