Home Local News Room : ගල්වැව සිරිධම්ම හිමිට ඇප – Lanka Truth | සිංහල

News Room : ගල්වැව සිරිධම්ම හිමිට ඇප – Lanka Truth | සිංහල

4
0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) කළාය.

ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවට ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කරන බව දන්වා සිටියේය.

මහෙස්ත්‍රාත්වරිය විසින් එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කල අතර එහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයා එකඟතාවය පළ කරන බව දන්වා සිටියේය.

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන 12 වන දා යළි කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here