Home Local News Room : ඉතිහාසයේ පළමුවරට පොහොට්ටුව අකුරැස්සෙන් පරාදයි! පොහොට්ටුවේ 8ක් සජබ ප්‍රමුඛ...

News Room : ඉතිහාසයේ පළමුවරට පොහොට්ටුව අකුරැස්සෙන් පරාදයි! පොහොට්ටුවේ 8ක් සජබ ප්‍රමුඛ විපක්ෂය සමග එක්ව අයවැය පරද්දයි!

9
0

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය පාලක පොහොට්ටු පක්ෂය පරාජයට පත්ව තිබේ.

සභිකයින් 25 දෙනකුගෙන් සමන්විත අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභිකයින් 14 දෙනෙක් සිටින්නේ පොහොට්ටුවට ය.

හයදෙනෙක් සමගි ජන බලවේගයත්,තිදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණයත් දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නියෝජනය කරයි.

කෙසේ වෙතත් ඊයේ පැවති අයවැය ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ සභිකයින් දාහතර දෙනා ගෙන් අටදෙනෙකුම විපක්ෂය සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද පහක් පහක් පමණක් ලැබෙද්දී අයවැයට විරුද්ධව ඡන්ද 19 ක් ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here