රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2023 වසරේ අයවැයට විරුද්ධව ඡන්දය දුන් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී තරඟ කිරීමේ රහස් සාකච්ඡා ආරම්භ කර තිබේ.
මෙම සාකච්ඡා සඳහා දෙපාර්ශවයේ කමිටුවක් පත්කර ඇත. රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, පාලිත රංගේබණ්ඩාර එම කමිටු සාමාජිකයන් ලෙස ක්‍රියාකරන බව අනාවරණය වේ.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා මෙම දෙපිල කේන්ද්‍ර ගතකර ගත් තවත් දේශපාලන පක්ෂ සමඟ එක්ව තරඟ කිරීමට මේ වනවිට මූලික එකඟතාවයකම පැමිණ සිටිති. අයවැය මගින් ජනතාවට අහිතකර කරුණු රැසක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් ප්රචාරක තලයේදී සජිත් ප්‍රේමදාසගේ පිළ එයට විරුද්ධව ඡන්දය දී තිබිණි. එම පිළෙන් රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට මෙයට පෙර සූදානමින් සිටියහ.
එහෙත් මෙම රහස් සාකච්ඡා ආරම්භවීමෙන් පසුව දෙපාර්ශවය අතර පොදු එකඟතාවක් සහිතව ඉදිරියේදී ඒකාබද්ධවීම පිළිබඳව මේ වෙනවිට අවධානය යොමුකර තිබේ.