Home Local News Room : අනේ මන්දා ප්‍රනාන්දුපුල්ලේ! එක වෙලාවක කියනවා විපක්ෂය ශක්තිමත් කරනවා...

News Room : අනේ මන්දා ප්‍රනාන්දුපුල්ලේ! එක වෙලාවක කියනවා විපක්ෂය ශක්තිමත් කරනවා කියලා! සතියකට පස්සේ ආණ්ඩුව ශක්තිමත් කරන්න අයවැයට ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ! මොකද්ද මේ ප්‍රතිපත්තිය?

2
0

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස අනුර ප්‍රියදර්ශන මහතා සමග සිටින මන්ත්‍රීවරුන් 6 දෙනාගේ කණ්ඩායම සමග කටයුතු කරනු ලබයි.

ඒ අනුව මෙම පිරිස පසුගිය දිනෙක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසී විපක්ෂය ශක්තිමත් කිරීමට එක් වන බව සදහන් කර සිටියේය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද පසුව කියා සිටියේ තමන් විපක්ෂය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවකි.

නමුත් අයවැයට ඡන්දය විමසූ ඊයේ දිනයේදී ඇය සිය ඡ්නදය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

ඇය නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රධානීන් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ආකාරයක්ද දැකගත හැකි විය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට අමතරව ම කණ්ඩායම නියෝජනය කරන ජයරත්න හේරත් මහතාද ඡන්දය ලබා දීමට පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here