සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 7.0ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇතැයිද භූ කම්පනය තත්පර 20ක පමණ කාලයක් සිදුව ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නගර ආශ්‍රිතව විදුලියද විසන්ධි වී ඇති අතර ජනතාව එම ප්‍රදේශය අතහැර උස්බිම් වෙත පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.