Home Local News Room : මහින්දට 2578ක කාර්ය මණ්ඩලයක් – Lanka Truth | සිංහල

News Room : මහින්දට 2578ක කාර්ය මණ්ඩලයක් – Lanka Truth | සිංහල

3
0

හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂට 2,578ක පෞද්ගලික කාර්ය මණ්ඩලයක් සිටි බවත් මෛත්‍රිපාල සිරිසේනට එම කාර්ය මණ්ඩලය 1,317ක් සිටි බවත් අනාවරණය වී ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ “අද” පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙම තොරතුරු හෙළිකර ඇති අතර විකල්ප ප්‍රතිපල්ති කේන්ද්‍රය 2019දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම තොරතුරු ඉල්ලූ බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එම පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා රුපියල් 1,488,434,900.00ක් වූ මහජන ධනයක් වැය කර තිබේ. 2010 සිට 2014 දක්වා කාලය තුළදී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 2,578ක් වෙනුවෙන් රුපියල් 638,107,942.00 වැයවී ඇත. මෛත්‍රිපාල සිරිසේනගේ ධුර කාලය වූ 2015 – 2019 දක්වා කාලය තුළ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ 1,317ක් වෙනුවෙන් රුපියල් 850,326,958.00 වැය කර ඇත.

මෙම තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ පිළිබඳව තොරතුරු කොමිසමට කරන ලද අභියාචනයක් සළකා බැලීමෙන් පසුව අදාළ තොරතුරු ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here