රජයේ සේවකයන් වයස අවුරුදු 60දී අනිවාර්යයෙන්ම විශ්‍රාම යා යුතු බවට ගෙන තිබෙන තීරණය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසකගේ අවශ්‍යතාවය මත අවුරුදු 65 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබීමත් සමඟ බරපතළ ගැටළු මතුවී තිබේ.
මේ පිළිබඳව කතානායකවරයාට අගතියට පත් කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ලිඛිතව දැනුම්දී ඇත. 2022 දෙසැම්බර් 31 වෙනි දින වනවිට විශ්‍රාම යාමට නියමිතව සිටින පිරිස එම කාලය දීර්ඝ කරගත හොත් දැනට පාර්ලිමේන්තුවේ සිටින කාර්ය මණ්ඩලයෙන් හරි අඩකට වැඩි පිරිසක් උසස්වීම් අහිමිවීමේ සහ ඉහල ශ්‍රේණිවලට පත්වීමේ ඉඩකඩ ඇහිරෙන බවට කරුණු දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේ මුලු කාර්ය මණ්ඩලය 900ක් පමණ වන අතර එයින් 450ක් පමණ තමන්ට නියමිත උසස්වීම් ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණදීම මෙන්ම උසස්වීම් අහිමිව විශ්‍රාමයාම දක්වා අගතීන්ට පත්වන බව කතානායකවරයාට දැනුම්දී තිබේ.