Home Local News Room : ටුවරිස්ට් වීසා අරන් රස්සා කරන්න ඩුබායි ගිය අපේ කොල්ලො...

News Room : ටුවරිස්ට් වීසා අරන් රස්සා කරන්න ඩුබායි ගිය අපේ කොල්ලො කෙල්ලො නන්නත්තාරයි! සමහරු රස්සා නැතිව පාරේ හිඟා කනවා!‌ සමහර කෙල්ලන්ට අතවර වෙලා!

2
0

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා 5,000කට වැඩි පිරිසක් මේ වන විට ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සංචාරක වීසා ලබාගෙන එරට රැකියා සඳහා ගිය මෙම පිරිස්වලින් බොහෝමයක් එරට රැකියා නොලැබීමෙන් අතිශය දුක් විඳින බව වාර්තා වේ.

සමහර ශ්‍රී ලාංකික තරුණයන් කරකියා ගත දෙයක් නොමැතිව මාර්ගවල රැඳී සිට ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලන බව ද කියති.

සංචාරක වීසා බලපත්‍ර රැකියා බලපත්‍රයක් ලෙස සකස් කර ගැනීම නිසා බොහෝ දෙනා මෙලෙස ඩුබායි රාජ්‍යයේ අතරමං වී ඇති අතර ඔවුනට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගමන් බලපත්‍ර ලබාගත නොහැකිව කල් ගෙවන බව ද වාර්තා වේ.

මේ අතර, ඩුබායි රාජ්‍ය වෙත ගොස් විවිධ අතවරයට පත්වූ කාන්තාවන් ඇතුළු පුද්ගලයන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංක්‍රමණික වැඩසටහන හරහා මෙරටට ගෙන ඒමට කටයුතු සැලසුම් කෙරෙන බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here