මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.
දැනට පවතින ඖෂධ ප්‍රතිපත්තිය සකස් කර මේ වනවිට වසර 15කට ආසන්න බවත් එය 2005 වර්ෂයේදී සකස් කරන ලද්දක් බැවින් වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි එම ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවත් කැබිනට් ප්‍රකාශයේ සඳහන් වේ.
මේ සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (21) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී අත.