Home Local News Room : ජනාධිපතිතුමනි! ලාබ ලබන ටෙලිකොම් විකුණන්න පෙර සිරිකොතේ අවුරුදු 6ක...

News Room : ජනාධිපතිතුමනි! ලාබ ලබන ටෙලිකොම් විකුණන්න පෙර සිරිකොතේ අවුරුදු 6ක ටෙලිකොම් බිල ගෙවලා ඉන්න! ගණන හාරලක්ෂ හතළිස් හයදහසක්! වෘත්තීය සමිතියක් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවකදී රනිල්ගෙන් ඉල්ලයි!

4
0

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වුණි.

‘රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් ආයතනය විකිණීම වහා නවතනු’ මැයෙන් ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) මාධ්‍ය හමුවක් පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ටෙලිකොම් වෘත්තිය සමිතියේ සභාපති හේමන්ත නෙත්තිකුමාර ප්‍රකාශ කළේ අන්තර්ජාල ගාස්තු ලෙස රුපියල් තුන්ලක්ෂ පනස්පන්දහසක්ද, දුරකථන ඇමතුම් ගාස්තු ලෙස රුපියල් අනුඑක්දහසක මුදලක්ද හිඟ බිල්පත් ලෙස පවතින බවය.

මෙම හිඟ මුදල 2016 වසරේ සිට මේ දක්වා ගෙවා නොමැති බවත් අවස්ථා කිහිපයකදීම මෙම හිඟ බිල්පත් ගෙවන ලෙස දැනුම් දුන්නද මෙතෙක් ඒවා ගෙවා දැමීමට පියවර ගෙන නොමැති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

එම නිසා ටෙලිකොම් ආයතනය විකිණීමට පෙර සිය පක්ෂ මූලස්ථානයේ දුරකථන බිල්පත් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ නම් ඉතා යහපත් බවද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here