Home Local News Room : අද අයවැය ඡන්දය ආණ්ඩුවට තීරණාත්මකයි! සජබ-ජවිපෙ-TNA-ඩලස් පිල-අනුර යාපා පිල-විමල්...

News Room : අද අයවැය ඡන්දය ආණ්ඩුවට තීරණාත්මකයි! සජබ-ජවිපෙ-TNA-ඩලස් පිල-අනුර යාපා පිල-විමල් පිල විරුද්ධව ඡන්දය දෙයි! ආණ්ඩුවෙන් 5ක් එහෙමෙහෙ වුණොත් වැඩේ කපෝති!

2
0

අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුම ඉතා තීරණාත්මක එකක් බවට පත්වන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.

ඒ ඊයේ රාත්‍රිය වනවිට විපක්ෂයේ සියලුම පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින කණ්ඩායම්ද අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කොට තිබීම හේතුකොටගෙනය.

ඒ අනුව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඩලස් අලහප්පෙරුම පිල, අනුර යාපා පිල, විමල් වීරවංශ පිල ඊට විරෝධය පළ කරමින් ජන්දය භාවිත කරන බව දැනුම් දී තිබේ.

දැනට ඇති පාර්ලිමේන්තු සංයුතියට අනුව ආණ්ඩුවට ඇත්තේ ආසන 116ක බහුතරයකි.

විපක්ෂයට මන්ත්‍රීවරුන් 108ක ප්‍රමාණයක් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව යම් හෙයකින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවහොත් අයවැය පරාජයට පත්වීමේ අවදානමක් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here