හෙට (22) පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුමේදී ඊට සහාය දීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව නිදහස ජනතා සභාවේ ප්‍රධානියකු වන ජී.එල්. පීරිස් මහතා සදහන් කර සිටියේය.
අද පැවැති මාධ්‍ය සාකච්ජාවකදී ඒ මහතා කියා සිටියේ දැවෙන ප්‍රශ්න කිසිවකට මෙවර අයවැයෙන් පිළිතුරු ලබා දී නැති බවකි.
අයවාැයට විපක්ෂය නියෝජනය කරන පක්ෂ සහ කණ්ඩායම් රැසක්ම මේ වනවිට අයවැයට විරුද්ධව ජන්දය දෙන බව ප්‍රකාශ කොට ඇත.






