Home Local News Room : විනෝද සමයේ ආරම්භක පුරුකත් ගිලිහෙයි!

News Room : විනෝද සමයේ ආරම්භක පුරුකත් ගිලිහෙයි!

4
0

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 93 හැවිරිදි වියෙහි පසුවිය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව ද කටයුතු කළේය.

ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා ද වූයේ ද ඇල්ප්‍රඩ් පෙරේරා මහතා චිත්‍රපට ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක විය.

ඔහුගේ දේහය මාකොළ සුප්‍රීම් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු දළුගම දේවස්ථාන සුසාන භූමියේදී (22) පස්වරු 3.30ට සිදු කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here