මීට සුලු මොහොතකට පෙර පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ පක්ෂ මතයට පිටින් ගොස් ආණ්ඩුවේ අමාත්‍ය ධූර බාරගත් 8 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කොට ඇත.
පසුගිය කාල වකවානුව පුරා පක්ෂය තුළ අනවශ්‍ය බෙදීම් ඇති කරමින් සහ පක්ෂ විනය කඩවන ආකාරයට කටයුතු කිරීමට හේතුකොට ගෙන මෙම පිරිසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු වී තිබේ.
පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වී තිබේ.






