ලබන මාර්තු මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත්, එහි ප්රතිපලයට අනුව රනිල් වික්රමසිංහට ජනාධිපති ධූරය දැරීමට හෝ ප්රසන්න රණතුංගට ඇමැති ධූරය දැරීමට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජවිපෙ නායක අනුර කුරමාර දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉන් අනතුරුව මහමැතිවරණයක් කැදවීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවකි.