Home Local News Room : දරුවන්ට අපලයි! මෙන්න ගුරුවරයෙක් කරලා තියෙන වැඩක්!

News Room : දරුවන්ට අපලයි! මෙන්න ගුරුවරයෙක් කරලා තියෙන වැඩක්!

4
0

පාසල් දරුවන්ට කලක සිට මත් කරල් මුදලට විකිණූ උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු සන්තකයේ තිබී මත් කරල් 1,299 පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරු මත වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

දෙදරු පියෙකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටින අයෙක් බව ත් මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව ත් පොලිසිය පැවසීය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය අතුල රත්නායකගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන මහතා ඇතුළු නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here