ඉන්දියාවේ පූනේ-බෙංගලෝර් අතර අධිවේගී මාර්ගයේ ඉරිදා (20) රාත්‍රියේ එකිනෙක ගැටීම හේතුවෙන් මෝටර් රථ 48කට පමණ හානී වී ඇතැයි වාර්තා වේ.
පූනේ හි නාවලේ පාලම අසලදී මෙම රියඅනතුර සිඳුවී ඇති අතර , ට්‍රක් රථයක තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙය සිදුවන්නට ඇතැයි එරට පොලීසිය සැක කරයි.
මෙම රියඅනතුර හේතුවෙන් පුද්ගලයින් 30කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර, අධික වාහන තදබදයක් ඇති වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.