රණවිරුවන් පිළිබඳව පේටන්ට් බලපත්‍රය සින්නක්කරේට ලියාගත් රාජපක්ෂලාට අවසානයේදී සිදු වුණේ ජනතා අරගලය ඉදිරියේ ගෙදර යන්නට යයි විපක්ෂ නායකතුමා පැවසීය.
එදා තිස් වසරක යුද්ධයෙන් රට බේරා ගත් හමුදාව, මෙදා රට විනාශ කළ කල්ලියක් ගෙදර යවන්නට ජනතාව පාරට බහිද්දී ඔවුන්ට එරෙහිව එක උණ්ඩයක්වත් පත්තු නොකළ බවද පැවසීය.
මේ රටේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ඒ ජනතා අරගලයට නිහඬ දායකත්වයක් සැලසූ බව පැවසූ විපක්ෂ නායකතුමා,අපේ රටේ ආරක්ෂක අංශ යනු සිවිල් ජනතාවත් සමග එකට බද්ධ වූ කොටසක් බව ද පැවසීය.
එදා බලය ලබා ගැනීම වෙනුවෙන් විවිධ පොරොන්දු ලබාදෙමින් රණවිරුවන්ගේ සහය ලබාගැනීමට කටයුතු කළ ආණ්ඩුව ඒ කිසිවක් ලබා දුන්නා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා,එහෙත් තමා සියලු ආරක්ෂක අංශ සමග සමාජ ගිවිසුමක් අත්සන් කළ බවද පැවසීය.එය අවස්ථාවාදී ගිවිසුමක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, තිරසාර විසඳුම් මගින් රණවිරුවන් බලගැන්වීම එහි අරමුණ බව ද පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්, සමගි රණවිරු බලවේගයේ බලමණ්ඩල රැස්වීම අමතමිනි.















