Home Local News Room : මෙරට දරුවන් 56,000කට උග්‍ර මන්දපෝෂණය – යුනිසෙෆ් සංවිධානය කියයි...

News Room : මෙරට දරුවන් 56,000කට උග්‍ර මන්දපෝෂණය – යුනිසෙෆ් සංවිධානය කියයි – Lanka Truth | සිංහල

2
0

මෙරට ළමයින් 56,000ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 05ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286කින් 2022 වසරේ වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිත භාවය තවත් දරුණු අතට හැරෙතැයි අනුමාන කර ඇති අතර මිලියන 6.2ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් 66,000ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 05කින් දෙදෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා බැවින් එම පවුල්වලට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

උද්ධමනය හේතුවෙන් පවුල් බොහොමයක් තමන් ඉතුරු කරගත් මුදල් බොහොමයක් වියදම් කර අවසන් බවත් එම පවුල් තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here