අමෙරිකාවේ ABC නාළිකාව විසින් පවත්වනු ලබන මිලියන ගණනාවක ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහනකදී තරගකරුවන්ගෙන් ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.
එහිදී ඔවුන් විමසා ඇත්තේ 2022 වසරේදී ජනතා අරගලයකින් රටක ජනාධිපතිවරයකු බලයෙන් පහකළ බවත්, මෙම ජනාධිපතිවරයා ඉන්දීය සාගරය හරහා මාලදිවයිනට පළා ගිය බවත්, එම ජනාධිපතිවරයා සිටි රට කුමක්ද යන්නත්ය.
ඊට දෙදෙනකු ශ්‍රීී ලංකාව බවට පිළිතුරු ලබා දී ඇති අතර අනෙක් තරගකරුවන්ට ඊට පිළිතුරු ලබා දීමට නොහැකි වී ඇති බව දැනගන්නට ඇත.
ඔවුන් මෙම ප්‍රශ්නය විමසා ඇත්තේ අවසන් පූර්යව වටයේදීය.