Home Local News Room : ජාතික හැඳුණුම්පතටත් දඩ මුදලක් එයි – ව්‍යාජ ලේඛනවලට 2500යි...

News Room : ජාතික හැඳුණුම්පතටත් දඩ මුදලක් එයි – ව්‍යාජ ලේඛනවලට 2500යි – Lanka Truth | සිංහල

1
0

පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ජාතික හැඳුණුපත් නිකුත් කිරීමේදී, නිසි කාලයට හැඳුනුම්පත සකස් කර නොගැනීම, අසත්‍ය තොරතුරු සහිත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පසු නිසි කලට හැඳුනුම්පත සකස් කර නොගැනීම, පළමු හැඳුණුම්පත් නැති වූ අවස්ථාවලදී සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් ඇතිවූ අවස්ථාවකදී ඒ බව නොදන්වා යළි අයදුම්පත් ඉදිරිපත් කිරීම ආදී නිර්නායක මත දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම්පත සඳහා ජාතික හැඳුණුපත නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් දෙවන වරට නැවත ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 250ක දඩ මුදලක්ද,

වයස අවුරුදු 15 එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500ක දඩ මුදලක්ද,

පුරවැසි භාවය පිළිබඳ පනතේ 19 (2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 06ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුණුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 2500ක දඩ මුදලක්ද,

ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා රුපියල් 2500ක දඩ මුදලක්දවශයෙන් දඩමුදල් අයකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පි.බී. ගුණතිලක නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here