Home Local News Room : කෝටි දෙදාහක තවත් මහා වංචාවක් මාට්ටු වෙයි! හිමිවරුන්-වෛද්‍යවරුන්-ඉංජිනේරුවන්-විදුහල්පතිවරුන්-ආරක්ෂක අංශ...

News Room : කෝටි දෙදාහක තවත් මහා වංචාවක් මාට්ටු වෙයි! හිමිවරුන්-වෛද්‍යවරුන්-ඉංජිනේරුවන්-විදුහල්පතිවරුන්-ආරක්ෂක අංශ ප්‍රධානීන් වැඩේට අහුවෙලා!

7
0

විවිධ තරාතිරම්වල පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් සූක්ෂම ලෙස රවටා අන්තර්ජාලය ඔස්සේ කර ඇති රුපියල් කෝටි දෙදහසකට ආසන්න වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සියයට හතළිහේ සිට සියයට අනූව දක්වා දැවන්ත පොලී මුදල් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල සම්මන්ත්‍රණ පවත්වමින් වසර දෙකකට ආසන්න කාලයක් තුළ මෙම මුදල් වංචා කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

මෙම මූල්‍ය වංචාවන්ට විදුහල්පතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, ස්වාමීන් වහන්සේලා, ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් ගොදුරු වී ඇතැයි විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් පුද්ගලයන් බැංකුවලින් රුපියල් ලක්ෂ ගණනින් ණය මුදල් ලෙස ලබාගෙන, එම මුදල් වැඩි ප්‍රතිලාභ ගැනීමට අන්තර්ජාල වංචාකරුවන්ට ලබා දී තිබෙනවා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කළේය.

වට්ස් ඇප්, ෆේස්බුක්, ඇතුළු සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින් ඉතා සූක්ෂම අයුරින් අන්තර්ජාලය ඔස්සේ අදාළ වංචාවන් සිදු කර තිබෙන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here