Home Local News Room : කිරිඇල්ල රටට හොඳ පණිවුඩයක් දෙයි! සියලු වත්කම් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්...

News Room : කිරිඇල්ල රටට හොඳ පණිවුඩයක් දෙයි! සියලු වත්කම් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙබ් අඩවියට බාර දෙයි! කතානායක එකඟ නම් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන්නත් ලෑස්තියි! (VIDEO)

6
0

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය වත්කම් බැරකම් ප්‍රකාශනය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත බාරදී තිබේ.

ඒ මහතා සදහන් කරන්නේ සියලු මන්ත්‍රීවරු එසේ කළ යුතු බවකි.

මම මගේ වත්කම් transparency international වෙබ් අඩවියේ හෙළිදරව් කරා.ගරු කථානායකතුමා එකඟ නම් පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුලත් ජනතාවට දැක බලාගත හැකි ආකාරයෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රදර්ශනය කරමු.

(17) 2023 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කියවීමේ විවාදයේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

එරාන් වික්‍රමරත්න මැතිතුමා ඊයේ කිවුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට වත්කම් හෙළි කරන්න ඕනි කියලා.මම ඊට වඩා දෙයක් කියන්න කැමතියි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ වත්කම් ප්‍රදර්ශනය කරමු .කථානායකතුමාට භාරදීම නෙමෙයි ජනතාවට බලන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරමු.මම මගේ වත්කම් transparency international වෙබ් අඩිවියේ හෙළිදරව් කරා .transparency international වෙබ් අඩවිය කිව්වා මන්ත්‍රීවරු සියල්ලටම වත්කම් ප්‍රකාශ එවන්න ප්‍රදර්ශනය කරන්නම් කියලා නමුත් මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් පමණයි වත්කම් ප්‍රකාශ හෙළි කරලා තිබුණේ.අරයට මෙයාට ඇඟිල්ල දික් දික් කරන්න නැතුව අපි පාර්ලිමේන්තුව තුළින් ආදර්ශයක් ලබා දෙමු.ගරු කථානායකතුමා එකඟ නම් පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රදර්ශනය කරමු.ගරු කථානායකතුමා යෝජනාවක් ගෙන එනවා නම් අපි එය සම්මත කරන්න සූදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here