2023 අයවැයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද අපනයන අරමුණු සඳහා ගංජා වගාව නීත්‍යානුකූල කිරීමට යෝජිත පියවරට එරෙහිව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම යෝජිත පියවර ආරම්භ කළහොත් සිදුවිය හැකි ව්‍යසනකාරී සිදුවීම් පිළිබඳ ත්රෛිනාකායික මහ නාහිමිවරුන් වෙත ලිපියක් යවමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ ගංජා අපනයනය කරන බව පවසමින් ගංජා ජාවාරමේ යෙදෙන පිරිස රජයට ඒත්තු ගැන්වීමට පියවර ගෙන ඇති බවකි.
තවද, ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අක්කර 10,000ක් කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා නම් කර ඇති බවට වාර්තා වන බවද උන්වහන්සේ සිය ලිපියෙන් පැහැදිලි කර ඇත.
ගංජාවල ප්රතිලාභ පිළිබඳව වැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව සදහන් කොට ඇති උන්වහන්සේ ඇතැම් ආගමික ග්රන්ථ ගංජා හිතවාදී ප්රචාරකයින් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, එමඟින් බුදුන් වහන්සේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම මත්ද්‍රව්‍ය භාවිතයට අනුබල දුන් බවට ව්‍යාජ ලෙස සඳහන් කර ඇති බවත් සදහන් කොට ඇත.
ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳුදා (14) අයවැය කතාවේදී සඳහන් කළේ මෙම යෝජනාව සලකා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන බවයි.