Home Local News Room : Facebook එකේ මඩ රාජපක්ෂලාට හිසරදයක්ලු – Lanka Truth |...

News Room : Facebook එකේ මඩ රාජපක්ෂලාට හිසරදයක්ලු – Lanka Truth | සිංහල

2
0

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රහාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මේ වනවිටත් පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර ලබාදීමට කටයුතු කරන බවත් පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, විශේෂයෙන්ම එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණු පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී රාජපක්ෂවරුන්ට මෙන්ම පක්ෂයට පහර දෙන බවය.

එමෙන්ම මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගියදා පැවති අරගලයේදීද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අවලාද හා අපහාස සිදු කළ බවත් තම පක්ෂය ඔවුන්ව හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here